Thursday, July 7, 2016

රාජ්‍ය නාට්‍ය උළෙලේ රාජ්‍ය අනුග්‍රාහකත්වය පිලිබඳ කමිටු වාර්තාව.


සභාපතිතුමා
ඇමතිතුමා කියන්න බලන්න ඔබතුමා සගුස්කුරුත ඇමති වශයෙන් රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා නොදීම පිළිබඳව ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ?.
එස් .බී.ජාතික රුක් විමන ඇමතිතුමා,
මෙම විෂය මාහට ඇති සුවිශාල රාජකාරිය නිසා, සගුස්කුරුත උප ඇමති තෙවරක්ම පෙරූ ඇමති පිරිසිඳු ට බාරදීලා තිබුනේ.ඒක නිසා ඔහුව මෙතනට කැදවන්න.ඉතින් මම මෙතනට අදාල නෑනේ.යන්නම් මට වැඩ තියෙනවා.
සභාපතිතුමා
සගුස්කුරුත උප ඇමති තුමා ඔබතුමා කියන්න බලන්න රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා නොදීම ඔබතුමාගේ වගකීම පහර හැරීමක්නේද ?
තෙවරක්ම පෙරූ ඇමති පිරිසිඳු.
ආන් ආන් සනා නිකන් පීචන් ටෝක් එකක්නේ දෙන්නේ.ඔය කතා කරන්නේ කරුණු නොදැනනේ බොස්.දැන් බලන්න මචන් මේ රාජ්‍ය නාට්‍ය උළෙල කිව්වට මේකේ මොනවද රාජ්‍ය නාට්‍ය පෙන්නුවේ.ඉතින් කොහොමද අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ?.
සභාපතිතුමා
ඒ කිව්වේ ඇමතිතුමා රජයේ නාට්‍ය තියෙනවද?
තෙවරක්ම පෙරූ ඇමති පිරිසිඳු.
චෑ..චෑ..චෑ....මොනාද බොසා දන්නේ.දැන් බලන්න මේ දවස්වල නාට්‍ය කීයක් අපි ජනතාව වෙනුවෙන්ම හදලා තියෙනවද.බැංකු නාටකය,ජිනීවා නාටකය,වැට් නාටකය,සයිතම් නාටකය ඔයවගේ කියක් කලාද .අනික බලනවා අයිසේ මම ජීවිතය පරදුවට තියලා නාටක කීයක් කරාද.කැම්පස් නාටකේ,බාලාංශ නාටකේ.එහෙවු එකේ සගුස්කුරුත අමාත්‍යංශය තියෙන්නේ නාට්‍ය හඳුන්වලා දෙන්න මිසක්,අපිම හදලා අපිම සම්මාන ගන්න හරි නැහැනේ.ඒක නිසා අපි මේක පැවරුවා ඉගෙනුම අමාත්‍යංශයට.දැන් වගකීම තියෙන්නේ ඉගෙනුම ඇමතිතුමාට.ඔයාල එයාලගෙන් අහන්න.
සභාපතිතුමා
ඉගෙනුම ඇමතිතුමා වශයෙන් රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා නොදීම පිළිබඳව ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ.?
ඉගෙනුම ඇමති H.I.V .කාරියකරවන ඇමති තුමා.
පැහැදිලිවම මේක ජනතාව නොමග යැවීම සදහා ජාතික මළ බද්ධ විපක්ෂය කරන ලද කුමන්ත්‍රණයක්.මෙහිදී අපි කටයුතුකලේ වගකිවයුතු රජයක් ලෙස වගකිවයුතු ආකාරයට. බලන්න බොහෝ දෙනෙක් රාජ්‍ය නාට්‍ය උළෙලක් කියා එකක් තිබෙන බව දන්නෙත් මේ පාර තමයි. ඒ මෙවර අපේ මැදිහත් වීම තුලින් රාජ්‍ය නාට්‍ය උළෙල ගැන ඉතාමත් හොද මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදුන්නිසා.හැම වෙලාවේම අපේ මාධ්‍යවලින් කුණුගොඩවල්ම විතරක් සොයන නිසා අපි සැලසුම් සහගතව තමයි මේක කරේ.බලන්න ඒකනිසා කොයිතරම් ප්‍රචාරයක් මේ උළෙලට ලැබුනද කියලා . ඒ අනුව එතෙක් මෙතෙක් රජයක් විසින් රාජ්‍ය නාට්‍ය උළෙලකට ලබාදෙන හොදම රාජ්‍ය අනුග්‍රහය ලබාදීලා තියෙන්නේ
මේ පාර තමයි . ඇත්තටම ජාතික මළ බද්ධ විපක්ෂය මේක අල්ලාගෙන කැගැහුවට නාට්‍ය නිෂ්පාදකයෝ නළු-නිලියෝ වගේ හැම දෙනාම මට පුද්ගලිකවත් මේ ගැන ස්තුති කරා.
සභාපතිතුමා,
එතකොට ඇමතිතුමා,ඔබතුමා කොහොමද මේ වගේ කටයුත්තක් ස්ථීරවම සාර්ථක වේවි කියලා වගකීම අරගෙන කටයුතු කලේ ?
ඉගෙනුම ඇමති H.I.V .කාරියකරවන ඇමති තුමා.
ඇයි ඔබ තුමාට අමතකද අර ඉස්කෝලෙක H.I.V .ගැටළුවක් අපු වෙලාවේ මම කිව්වේ මවගේ ඇකයෙන් දරුවා ඈත් කරන්න ඕන කියලා.බලන්න එක නිසා තමයි අපේ බොහොම දෙනෙක් දැන ගත්තේ ඒඩ්ස් කියන රෝගය ස්පර්ශයෙන් බෝවෙන්නේ නෑ කියලා.එක තමයි අපේ පළමු අත්හදා බැලීම
රාජ්‍ය නාට්‍ය උළෙලේ රාජ්‍ය අනුග්‍රාහකත්වය පිලිබඳ කමිටු සභාපති තුමාගේ නිර්දේශය
අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අනුග්‍රාහකත්වයක් මේ සඳහා ලැබී ඇත.

No comments:

Post a Comment