Monday, July 19, 2010

ඉස්තුතිය.

බොලොග් එක කියවලා එක එක මාමලා, අය්යල එයාලගේ like එක දාලා තිබුනොය කියල තාත්තා කිව්වේ එකට ස්තුති කොරන්න කියාලය.මම දන්නා like එකක් නැති නිසා මම අය්යගෙන් මේ ගෙන ඇහුවෙමු. අය්යා කීවේ මෝඩියේ like එක කියන්නේ මනාපය කියාලය.මේක අහගෙන හිටපු නංගි අම්මේ මෙන්න අක්ක 18 වෙන්නත් ඉස්සර මනාපය දෙන්න හදනවා එහෙමවුනොත් මමත් මනාපය දෙනවා කීවෝය. කුස්සිසියේ වැඩ කරකර හිටි අම්මා දුවගෙන ආවේ පිහියත් අතේ තියාගෙනමය.හැමදමත් මමත් එක්ක වලියටම ඉන්න අය්යා මේ වෙලාවේ නම් දඩි බිඩි ගලා ඉස්සරහට පැනල නෑ අම්මේ මේ කියන්නේතාත්තා කිව්ව බොලොග් මනාපය ගැනය කියල මාව බේරාගත්තෝය.එහෙමනම් මොකක්ද මේ 18ටේ කතාව අම්මා අතුරු ප්‍රහාරයක් එල්ල කලෝය. නෑ අම්මේ චන්දය දෙන්න18වෙන්න ඕනනේද කියා නංගිඇසුවෝය.අම්මාටත් අපිටත් 18 කතාව තේරුනේ දැන්ය.මගේ ලිපේ එකත් රෝස් වුණා කියමින් ආපු වේගයටත් වැඩි වේගයකින් අම්මා කුස්සියට ගියේ චන්දය ඉල්ලන මාමාලගේ හත්මුතු පරමපරවටම බනිමිනි.
තාත්තේ මේකේ මේ මනාපය දාලා තියෙන අමිලේන්...... (තරහ වෙන්න එපා මාමේ මාමගේ නමේ ඉතුරු අකුර ලියනහැටි අපේ ඉස්කෝලේ තවම කියල දුන්නේ නැත.)කියන්නේඅර සුදුලස්සන මාමාද කියලා අය්යඇසුවෙමි.මේකට තාත්තා කිවේ සුදු ලස්සන කොහොම වෙතත් මාමා කියපු එක හොදමදි කියලය.කොහොම වුනත් මාමාට ඉස්තුතිය. අනිත්අයටත්ඉස්තුතිය.

කොහොම වුනත් අනෝජා නැන්දගේ "මදනල" කරළියට ආවාද ?කියන හරුපය මට තේරෙන්නේ නැතිනිසා මම තාත්තාගෙන් මේගෙන ඇසුවෙමු.තාත්තා ඒකට කිවේ මෙහෙමය.මදනල කියන්නේ සුළගය, කරලිය කියන්නේ රංග පීට‍යයි කියලය.රංග කියන්නේ රංග අය්යට‍ය පීට‍ය කියන්නේ පුටුවය මේකේතේරුම නම් ඔපීසියේ ඒක පැත්තක් සම්පුර්නයෙනම වසා තියෙන නිසා ඉස්සරහින් එන සුළග රංගගේ පුටුවේ වැදිලා එතනට එන බවය.වහෙන් ඔරෝ ඔය කියන්න ඇත්තේ වැඩ කරන වෙලාවේ රංග ඔපීසියේ නැති බවය. නැත්නම් රංග ඉන්නවනම් සුළග එන්නට ඕනේ රංගගේ ඇගේ වැදිලාය කියල තාත්තා කිවුවෝය .අපරාදේ රංග හරි අහිංසකයා එය ඔපිස් වෙලාවේ කොහෙවත් යන ජාතිය නෙවේය ගියත් යන්නේ පොඩි එකට මාලු ටැංකියක් බලන්නට වෙන්න එති කියලා කීවෝය. අද ගොඩක් ලිව්වය. අනිත්අය ගෙන පස්සේ ලියන්නම්ය

හැමෝටම තිස් තුන් කෝටියක් දේවතාවන්ගේ පිහිට ලැබෙවිය!

මම,
පො......ඩ්.........ඩා。

Wednesday, July 14, 2010

අපේ තාත්තා

අපේ තාත්තා වැඩ කරන්නේ කොම්පුටෙර් මොලෝකංග කමපනියකය.තාත්තා නම් කියන්නේ හොදම ොලෝකංග කොම්පෙනිය තාත්තලාගේ කොම්පෙනිය කියලය.මේවා කියනකොට අම්මා නම් කරන්නේ හිනහ වෙන එක විතරමය. තාත්තා ඉස්සර වැඩ කරේ අහස්යන්තර හමුදාවෙය.අම්මා කියන්නේ මෙයා තවමත් ඒ පුරුද්දට පාරට බැස්සහම කාර් එකෙනුත් උඩින් යන්න හදනවා කියලය. දවසක් ගමේ යනකොට තාත්තා හයියෙන් ගියාය කියල අල්ලගත්ත පොලෝසි අන්කල්තාත්තා ගෙන් ඇහුවේ "ඉගිලෙන්න හදනවද" කියලය. තාත්තා ගත් කටටම කීවේ ''ඉගිලෙන්න පුලුවන්නම් කොච්චර හොදද මහත්තයෝ! මේ චින්තනයෙන් නම් කවදාවත් තෙල් නම් අඩු නොකරන නිසා"කියා කීවෝය.පොලෝසි අන්කලුත් විපක්ෂයේ කෙනෙක් නිසාද කොහේ ආණ්ඩුවටම බැනල තාත්තාටසෙලිඋට් පාරකුත් දමා යන්නට කීවෝය.අම්මා මේකට කීවේ ඔයා ගිය ඉස්කෝලෙට අපට වැස්සකටවත් යන්න බැරි උනා කියලය. තාත්තා එක පාරටම "පුදන කොටම කාපියකා කියන්න වගේ'' ඔන්න එහෙනම් යමු කියල එක පාරටම ඉස්කොලෙටම වාහනය හැරුව්වය. බලනකොට පොලෝසි අන්කල් ඉදල තියෙන්නේ
තාත්තාගේ ඉස්කෝලෙ ඉස්සරහමය. අපේ තාත්තාගේ වැඩ එහෙමය
තාත්තගේ ඔපිසිය ගැන ලබන සතියේ කියනකම් හැමෝටම බුදු සරණයි .

මම,
හිතවත් ,
පොඩ්ඩා.

පොඩිඑකාගේ ලියුම

තාත්තා වැඩ පොලේ ඉදලා ඇවිත් කීවේ බොලොග් එකට ලියන්න ඕනය කියලය.
මේක ඇහුණ හැටියේම නංගි බොලොක්කයට යන්නේ ගස් කපන්නද? කියා ඇසුවෝය
හැමදේටම හිනාවෙන අය්යා මේකටත් බක බක ගා හිනාවුනෙමි. ඒ නංගි ඔරොප්පු කරන්නය.
තාත්තා කණ්ණාඩියට යටින් ඇස් පොඩිකර බැලුවා විතරය අය්යා හිමීන්ම ලිස්සා ගියෝය.
නංගි හිතල තියෙන්නේ බොලොක්කය කියන්නේ කැලේට කියන නමක් නිසා තාත්තා කිව්වේ
කැලේ ගැන කියලාය. කොහොමවුනත් මේකිගේ සිංහල දැනුම ගූඩ් කියල අම්මා නංගිගේ ඔලුව අත ගෑවෝයමොනවා වුනත් මේ වැඩේ කොරන්නට මට වෙලාව නැති හින්ද මේක ලොකු කෙලිට දෙමුයි කිවුවෝය.අම්මාද ඔලුව වනා ඕනෙවට එපාවට හා කීවේ මේක නිසා මගේ පාඩම් වැඩ අතපසු කරගැනී කියල වෙන්නට ඕනෙය.මෙනිසා මම අම්මට බටර් පාරක් ගා ඒක එහෙම වෙන්නේ නැති බව පැවෙසුවෙමු .තාත්තා එතකොට කීවේ එහෙනම් මේකට පොඩි එකාගේ ලියුම කියල දාමු කියලා කීවෝය .
එහෙමනම් ලබන සතියේ අපේ තාත්තා ගැන ලියනකම් අදට නවතිනවාය

හැමෝටම තිස් තුන් කෝටියක් දේවතාවන්ගේ පිහිට ලැබෙවිය!

මම,
පො......ඩ්.........ඩා。