Tuesday, July 19, 2011

සුන්දර මිනිසා

පසුගියදා ලැබුණු අපුරු අත්දැකීමත් සමග නැවත ඔබ සමග දොඩමලු වන්නට මගේ හදවතට බලකලා සැබවින්ම ඒ අත්දැකීම ඒ තරම්ම සුන්දර අත්දැකීමක් .ඇසළ පුන්පොහොද ගමේ පන්සලේ බන මඩුව සරසලා තිබුනේ ධර්ම කතිකාවතකටවත්,වන්දනාමාන සම්බන්ද දෙයක්වත් නොවේ .සුන්දර ගම පියසේ සුන්දර බව සබැලෙසම අත්විදපු, ඇලේ දොලේ දුව පැන ඇවිදපු,හිබුටු,දං,බෝවිටියා වල රස විදපු ගමෙන් බිහිවුණු සුවිශේෂ කෙනෙක් පිළිගන්න. පන්සලේ බෝමලුවෙන් නැගෙන මදනල ශරීරය සිපගනිද්දී සුදුවැලි තලාව දිගේ බන මඩුවවෙත පිය මැන්න මේ සුන්දර මිනිසා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහලම පුටුවක් දරන්නෙක්. කොහොම වුනත් ගමට කීර්තිය,ගෞරවය ගෙනාපු මොහු පිළිගන්න එතුමාගේ පාසල් වියේ සම කාලින මිතුරන් වගේම,එතුමාගේ පාසල් වියේ ගුරුවරු ,ගමේ ප්‍රභූවරු එකතු වෙලා හිටියේ සැබවින්ම මේ සුන්දර මිනිසා තුල තිබෙන නිහතමානී,ගුණයහපත්කමට කරන ගෞරවයක් හැටියට කියලයි මට හිතෙන්නේ.
කොහොම වුනත් සභාවේ මුල්පුටු දරපු අයගේ වගේම පාසල් වියේ ගුරුවරු කිහිපදෙනෙකුත් සභාව ඇමතුවේ මෙවනි යුගපුරුෂයෙක් බිහිකරන්නට දායකවෙන්නට ලැබීම ගැන හදවත පුරා දෝරේ ගලන ගාම්බීර ආඩම්බර බවකින් බව පැහැදිලිව දක්නට තිබුන.
අවසාන හෝරාව ආරම්භ වුනේ මේ සුන්දර මිනිසාගේ වචන පෙළ ගැස්මට ලැබුණු ඇරයුමත් සමගයි.ලැබුණු ඇරයුමත් සමග වේදිකාවෙන් බිමට බට මේ සුන්දර පුද්ගලයා වේදිකාව අභියස හිටපු පුද්ගලයකු ඉදිරියේ දනින් වැටී නමස්කාර කොට නැවතත්වේදිකාවට පිවිසියේ බලාගෙන හිටපු බොහෝදෙනෙකුගේ දෙනෙතට විශ්මය එක්කරමින්.ඔහු නමස්කාරකල ඒ පුද්ගලයා එක්තරා වකවානුවක ප්‍රදේශයේ අංක එකේ ගණන් කාරයා ලෙස ප්‍රසිද්දව හිටියේ. අවසානයේ අපේ කතා නායකයාගේ කතාව අවසන්කළේ හරිම අපුරු සිද්දියක් ගැන මේ විදිය සදහනකින් .
''මම අද ඉන්න මෙතනට එන්න පාර කැපුවේ කවුරුත්ම නෙමෙයි මේ මගේ ඉදිරියේ ඉන්න ................මාමා කියලා අර තමාගෙන් වැදුම් ලබපුකෙනාව පෙන්නල සිය අතීත කතාව මෙහෙම කිව්වා.'' මම දවසක් School කට් කරලා ඉන්නකොට උබත් අපි වගේ රස්තියාදු කාරයෙක් වෙන්නදහදන්නේ පලයන් ඉස්කෝලේ කියලා ගහපු කනේපාරට බයේ ඉස්කෝලේ ගිය ගමන තමා මාව මෙතනට ගෙනාවේ'' කියලා කිව්වේ කාගේත් ඇස් වලටකදුළු කැට එක්කරමින් .
මේ ටික මම ලිව්වේ මේ සිදුවීම අපි කාටත් හිතන්න බොහොම දේවල් ඉතිරි කරපු නිසා.ඇත්තටම අපේ මේ ලෝකයේ මේ විදියට බිහිවෙච්චඉන්ජිනේරුවෝ ,දොස්තරලා ඇත්ද? ඒ වගේම ඒවායේ ගෞරව නම්බුනාම සැබෑම කෙනාටම හිමිවෙනවද.........?