Monday, June 27, 2016

මදනලගේ දේශපාලන කොමිටම


චින්තන සටහන අනුව නම් ඉස්සරහට හැම අවුරුද්දටම මනාප පොරයක් තියෙනවය කියලා මනාප සංහිද කමිටුවේ සභාපති ලංකාප්‍රිය මහත්තයා නිවේදනයක් නිකුත් කොරලා තියෙනවා දැකපු අපේ පොඩි එකාට නම් මාරම හිනාවක් ගියේ එහෙනම් අපට වැඩිපුර නිවාඩුවක් ලැබේවිය කියලය.ඒත් මේක ඇහුනගමන් කුස්සියේ හිටපු බිරින්දෑ කෑගහගෙන ආවේ මෙයාලගේ දිසාපාමොක් තුමා ඇවිල්ල ආතති මහත්තයා සතියේ දිනවල තියපු මනාප තරගේ සති අන්තයට දාලා අපේ නිවාඩුවටත් තට්ටුවුණා කියලා මනාප සංහිද කමිටුවේ සභාපති ලංකාප්‍රිය මහත්තයට දෝස්මුරයක් දැමුවෝය.මේ අස්පට් පිට රුපපෙට්ටිය දැම්මා විතරය කවුදෝ කෙනෙක් ගිරිය යටින් කෑගසනවාය.අප්පට සිරි මේ අපේ ආදරදාස බබා මහත්තයාය .ඊට එහා පැත්තෙන් දිනනසුරිය මහත්තයා නිකටට අත තියාගෙන බර කල්පනාවකය.බැලුවහම දිනනසුරිය මහත්තයා නිකටට අත තියාගෙන නෑසුනා වගේ හිටියට ආදරදාස බබා මහත්තයා කතා කොරන්නේ දිනනසුරිය මහත්තයට ඔටුන්න අරගෙන දෙන්නය.අනේ ඇත්තට ලැජ්ජා නැති හැටි තමුන්ට බැරිවුණා දෙයක් අනුන්ට අරගෙන දෙනවයය කියලා මේ මනුස්සයත් අමාරුවේ දාන්න දගලන හැටි කියලා කෝට්ටේ හිරු තුමා කෙරුම්සිංහ නායක තුමාගේ කනට කොදුරනාවය.කෙරුමසිංහ නායක තුමා no කතා no සිනා ය. කෙරුමසිංහ නායක තුමාගේ ත් කෝට්ටේ හිරු තුමාගේත් ඇගට පොඩි cool පාරක් දාගෙන හමාපූ මදනල පොඩි කසු කුසුවක් ඇහිලා බොරැල්ලේ කනත්ත පැත්තට සේන්දු වුනාය.මේ අර ගැනියෙක් මිනිහෙක් කොරන්ට යි මිනිහෙක් ගැනියෙක් කොරන්ට යි විතරක් බැරි රෙගුලාසි පොත හදපු ජ.ර .winවර්ධන මහත්තයයි,ආදරදාස ලොකු හමු මහත්තයයි බර කතාවක.''කෝමම වුනත් ආදරදාස මම මේ රෙගුලාසි පොත කොරාව්වේ හැමදාම එකමුතු ජාතික පක්ෂය රජාකරවල තියන්න නොවැ.කොහෙද ඉතින් මුන් මුන් ඇන කොටා ගන්නවා.චින්තන කාරයෝ ටික පෝර ටිකක් හෙම දාලා පස්ස පෙත්තෙනුත් හිනා වෙනවා. ''ආදරදාස ලොකු හමු මහත්තයයත් මේකට මුකුත්ම නොකිය ඔලුව කහා කහා නැගිටලා ගියා.මේවා අහපු මදනල පන්සල් ගහ මන්දිරේ පැත්තෙන් හිමීට හමාගෙන අවා.ඒවා වගේම එකමුතු ජාතික පක්ෂය,කෙරුම්සිංහ නායක තුමාලගේ වගේම තොරතුරු ත් අරගෙන ලගදීම හමුවෙමු.

වියග්‍රා ඇමතිගේ වාහන කථා වස්තුව

විදේශීය සංචාරයකට සහභාගිවූ පොඩ්ඩා කටුනායක සිට එනකොට වත්තල නිවසක් ඉදරිපිට මහා ලොකු කාලගෝට්ටියක් වගෙය.කිලෝමීටරයක් පමණ පෝලිමකි.අනුන්ගේ ඕපාදුප හොයන්නටම උපන් පොඩ්ඩා ද හිමින්සැරේම මෙතනට කිට්ටු කර බැලුවාය.පොඩ්ඩා පෝලිමේ නොසිටම මාධ්‍ය හැදුනුම්පත පෙන්වා ඉස්සරහටම ඇදුනේ කුතුහලය නිවාගන්නටය. ඉස්සරහම තිබුණු බෝඩ් ලෑල්ල කියවූ පොඩ්ඩාට හීන්දාඩිය දමනවා දැනුනි.මේ වියාග්‍රා ඇමතිතුමාගේ නිලනිවාස නොවැ. පෝලිමේ ඉදිරියෙන්ම සිටි කෙනෙකුගෙන් "ලොක්ක මොකද මෙච්චර සෙනග " කියා පොඩ්ඩා ඇසුවාය. "වාහනයක් අනුමත කරගන්න මහත්තයෝ " යයි ඔහුගේ පිළිතුරින් පොඩ්ඩා අන්දුන්කුන්දුන්වී ගියාය.ඒ සමගම කවුදෝ කෙනෙක් උගුර පාදනු ඇසී බලනවිට වියාග්‍රා ඇමතිතුමා නිදිගැට කඩමින් පැමිණ ජනතාව ඉදිරියේ පාතුර්බූතවී ඇත. "ඉක්මනට ඉක්මනට එනවා" ඒ ඇමතිවරයාගේ කටහඩයි."වාහනයක් ගන්න මොකක්ද තියෙන සුදුසුකම කියනවා බලන්න". "මම විදුහල්පති කෙනෙක්" "අදාල නෑ ඊලග" "මම දොස්තර කෙනෙක්" "ඉස්පිරිතාලේ ගිලන් රථයක් තියෙනවනේ අදාල නෑ අදාල නෑ ඊලග " "මම කථිකාචාර්ය වරයෙක්" "ඔයාල වාහන අරගෙන කැම්පස් යන්න ගියාම මේ ශිෂ්‍ය අරගල වලදී වාහන වලට හානිවෙන්න පුළුවන්. අදාල නෑ ඊලග " අලි බඳින දම්වැලක් වැනි රත්‍රන් දම්වැලක් ගෙලේ පටලාගෙන,අතෙත් එසමානම දම්වැලක් ඔතාගත් පුද්ගලයෙක් කඩිමුඩියේම ඉදිරියට එයි.ඇමති ආරක්ෂකයෝද සීරුවෙන්සිට ඔහුට ඇමති හමුවට යෑමට අවසර දුන්නේ කිසිදු පරීක්ෂාවකින් තොරවමය.අනිවාර්යයෙන්ම ලොක්කෙක් වෙන්නනට ඇතැයි පොඩ්ඩාට හැගුණි. ඇමතිතුමාගේ මුවගේ සුරුපි තරුණියක් දුටුවිට නැගෙන ආකාරයේ සිනහවකි. "අපේ මුදලාලිතුමා කාලෙකින් " ඇමතිතුමා සිය ආසනයෙන් නැගිටමින් විමසීය. "ඇමතිතුමා මටත් වාහනයක් ගන්න අවසරපත්‍රයක් ඕන.' "අයිසේ පුරවනවා මේ මහත්මයාගේ ඇප්ලිකේසන් එක " විධානය ඇමතිතුමාගෙනි. මොකක්ද අප්පා මෙයාට තියෙන සුදුසුකම පොඩ්ඩා හොදැහැටි විපරම් කිරීමට ජනේලය අසලටම ඇදුනි. "ඔබතුමාගේ නම" ප්‍රශ්නය ලිපිකරුගෙනි. "වනාතේ පොඩ්ඩා කිව්වම ඕන කෙනෙක් දන්නවා මාතිය" "රැකියාව" "සුදු මත් වතුර නිෂ්පාදනය,බෙදාහැරීම සහ විකිණීම" ''බලනවකො මේවගේ මිනිස්සු තමයි රටට ඕන කරන්නේ.පිටට යන විදේශ විනිමයනම් කොච්චර කියලා ඉතුරුද මේ වගේ ව්‍යාපාරවලින් . වාහන දෙකකටම අනුමැතියට දානවා'' ඇමතිතුමාගෙන් උපදේශයකි. සුරූපී ලලනනාවක් ලැසිගමනින් වතුර වීදුරුවක්ද රැගෙන විත් අතේ තිබු යමක් සමග ඇමතිතුමාට දෙනවාත් සමගම එය කටට දමාගත් එතුමා වතුර වීදුරුව එකහුස්මට ගිලදමමින් පුටුවෙන් නැගිට ලනනාවගේ බඳ වට අතක්ද දමා ගෙන ඉක්මනින්ම සයනාගාරය දෙසට ඇදෙනු දුටු පොඩ්ඩා විපරම් කිරීමේදී දැනගත්තේ එතුමාට උදැසනට නියමිත වියාග්‍රා පෙත්ත ලබාගත්තේ මේ මොහොතේ බවයි. අනේ අම්මපා තමුන්ගේ බෙහෙත් ටිකවත් හරියට වෙලාවට ගන්නේ නැතිව කටයුතු කරන මේවගේ උත්තමයන්ට නොවැ මිනිස්සු ගරහන්නේ පොඩ්ඩාට සිය දෑසින් ගිලිහෙන කඳුළු නවතා ගැනීමට නොහැකි විය.