Thursday, July 7, 2016

රාජ්‍ය නාට්‍ය උළෙලේ රාජ්‍ය අනුග්‍රාහකත්වය පිලිබඳ කමිටු වාර්තාව.


සභාපතිතුමා
ඇමතිතුමා කියන්න බලන්න ඔබතුමා සගුස්කුරුත ඇමති වශයෙන් රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා නොදීම පිළිබඳව ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ?.
එස් .බී.ජාතික රුක් විමන ඇමතිතුමා,
මෙම විෂය මාහට ඇති සුවිශාල රාජකාරිය නිසා, සගුස්කුරුත උප ඇමති තෙවරක්ම පෙරූ ඇමති පිරිසිඳු ට බාරදීලා තිබුනේ.ඒක නිසා ඔහුව මෙතනට කැදවන්න.ඉතින් මම මෙතනට අදාල නෑනේ.යන්නම් මට වැඩ තියෙනවා.
සභාපතිතුමා
සගුස්කුරුත උප ඇමති තුමා ඔබතුමා කියන්න බලන්න රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා නොදීම ඔබතුමාගේ වගකීම පහර හැරීමක්නේද ?
තෙවරක්ම පෙරූ ඇමති පිරිසිඳු.
ආන් ආන් සනා නිකන් පීචන් ටෝක් එකක්නේ දෙන්නේ.ඔය කතා කරන්නේ කරුණු නොදැනනේ බොස්.දැන් බලන්න මචන් මේ රාජ්‍ය නාට්‍ය උළෙල කිව්වට මේකේ මොනවද රාජ්‍ය නාට්‍ය පෙන්නුවේ.ඉතින් කොහොමද අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ?.
සභාපතිතුමා
ඒ කිව්වේ ඇමතිතුමා රජයේ නාට්‍ය තියෙනවද?
තෙවරක්ම පෙරූ ඇමති පිරිසිඳු.
චෑ..චෑ..චෑ....මොනාද බොසා දන්නේ.දැන් බලන්න මේ දවස්වල නාට්‍ය කීයක් අපි ජනතාව වෙනුවෙන්ම හදලා තියෙනවද.බැංකු නාටකය,ජිනීවා නාටකය,වැට් නාටකය,සයිතම් නාටකය ඔයවගේ කියක් කලාද .අනික බලනවා අයිසේ මම ජීවිතය පරදුවට තියලා නාටක කීයක් කරාද.කැම්පස් නාටකේ,බාලාංශ නාටකේ.එහෙවු එකේ සගුස්කුරුත අමාත්‍යංශය තියෙන්නේ නාට්‍ය හඳුන්වලා දෙන්න මිසක්,අපිම හදලා අපිම සම්මාන ගන්න හරි නැහැනේ.ඒක නිසා අපි මේක පැවරුවා ඉගෙනුම අමාත්‍යංශයට.දැන් වගකීම තියෙන්නේ ඉගෙනුම ඇමතිතුමාට.ඔයාල එයාලගෙන් අහන්න.
සභාපතිතුමා
ඉගෙනුම ඇමතිතුමා වශයෙන් රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා නොදීම පිළිබඳව ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ.?
ඉගෙනුම ඇමති H.I.V .කාරියකරවන ඇමති තුමා.
පැහැදිලිවම මේක ජනතාව නොමග යැවීම සදහා ජාතික මළ බද්ධ විපක්ෂය කරන ලද කුමන්ත්‍රණයක්.මෙහිදී අපි කටයුතුකලේ වගකිවයුතු රජයක් ලෙස වගකිවයුතු ආකාරයට. බලන්න බොහෝ දෙනෙක් රාජ්‍ය නාට්‍ය උළෙලක් කියා එකක් තිබෙන බව දන්නෙත් මේ පාර තමයි. ඒ මෙවර අපේ මැදිහත් වීම තුලින් රාජ්‍ය නාට්‍ය උළෙල ගැන ඉතාමත් හොද මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදුන්නිසා.හැම වෙලාවේම අපේ මාධ්‍යවලින් කුණුගොඩවල්ම විතරක් සොයන නිසා අපි සැලසුම් සහගතව තමයි මේක කරේ.බලන්න ඒකනිසා කොයිතරම් ප්‍රචාරයක් මේ උළෙලට ලැබුනද කියලා . ඒ අනුව එතෙක් මෙතෙක් රජයක් විසින් රාජ්‍ය නාට්‍ය උළෙලකට ලබාදෙන හොදම රාජ්‍ය අනුග්‍රහය ලබාදීලා තියෙන්නේ
මේ පාර තමයි . ඇත්තටම ජාතික මළ බද්ධ විපක්ෂය මේක අල්ලාගෙන කැගැහුවට නාට්‍ය නිෂ්පාදකයෝ නළු-නිලියෝ වගේ හැම දෙනාම මට පුද්ගලිකවත් මේ ගැන ස්තුති කරා.
සභාපතිතුමා,
එතකොට ඇමතිතුමා,ඔබතුමා කොහොමද මේ වගේ කටයුත්තක් ස්ථීරවම සාර්ථක වේවි කියලා වගකීම අරගෙන කටයුතු කලේ ?
ඉගෙනුම ඇමති H.I.V .කාරියකරවන ඇමති තුමා.
ඇයි ඔබ තුමාට අමතකද අර ඉස්කෝලෙක H.I.V .ගැටළුවක් අපු වෙලාවේ මම කිව්වේ මවගේ ඇකයෙන් දරුවා ඈත් කරන්න ඕන කියලා.බලන්න එක නිසා තමයි අපේ බොහොම දෙනෙක් දැන ගත්තේ ඒඩ්ස් කියන රෝගය ස්පර්ශයෙන් බෝවෙන්නේ නෑ කියලා.එක තමයි අපේ පළමු අත්හදා බැලීම
රාජ්‍ය නාට්‍ය උළෙලේ රාජ්‍ය අනුග්‍රාහකත්වය පිලිබඳ කමිටු සභාපති තුමාගේ නිර්දේශය
අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අනුග්‍රාහකත්වයක් මේ සඳහා ලැබී ඇත.

Wednesday, July 6, 2016

තෙවරක්ම පෙරූ ඇමති පිරිසිදු කෝලම !


රෝහල් ගත කරලා කියලා දැනගත්තත් කොහෙද යන්න කියලා විවෙකයක්ය.කොහොම වුනත් ප්‍රමාදවෙලා හරි පොඩ්ඩා තෙවරක්ම පෙරූ ඇමත්තා බලන්න රෝහලට ගියා.පොඩ්ඩා දුරදීම දැක්ක විතරයි මෙන්න බොලේ ඇමතිතුමා කෑගහනවා.
"හලෝ පොඩ්ඩා කොහොමද මචෝ තොරතුරු ?" 
"අනේ ඇමතිතුමා,මම එපාය ඔබ තුමාගෙන් අහන්න.ඔබ තුමාට කොහොමැයි.මොකද මේ කර ගත්තේ?" මම ප්‍රශ්න පත්තරයක් දිගහැරිමි.
"මම ගැන ඔක්කොම විස්තර ඔය රූපවාහිනියෙන්,පත්තරවලින් එහෙම උඹ දකින්න ඇතිනේ මචන්"ඔහු සිය වාග් සමුදාය මුදාහැරීය.
"ඉතින් ඇයි ඔබතුමා මේවගේ වැඩක් කරගන්න හැදුවේ " මාගෙන් අතුරු ප්‍රශ්නයකි.
''වාඩි වෙයන් බන් ඉදගෙන කථා කරමු.ඒක ලොකු ඉස්ටෝරියක් පුතා.ඊට ඉස්සරවෙලා අපි මොනවහරි හපලා ඉදිමු.ඔන්න ඔය කබඩ් එක ඇරල මොනවා හරි කන්න ගනින්කෝ."
දෙවියනේ මම දුවගෙන ආවට ලෙඩා බලන්න මම මුකුත් අරගෙන ආවෙත් නැහැනේ.මගේ සිත තුල සියුම් ලැජ්ජාවක් හදවතට ඇතුල්විය.
"අනේ ඇමතිතුමා,එහෙම ඔබතුමාගේ දේවල් කන්න නෙමෙයි මම එපැයි මොනවහරි ගේන්න.හදිසියට මට ඒකත් අමතක වුනා."
''අන්න අන්න උඹ නිකං පොර ටෝක් දෙන්න හදනවා.අඩෝ මම පොඩි මිනිහගේ හිතවතා කුණුහරුප නැතිව ඔය මගුල ඇරලා ගනින් බන් කන්න දෙයක්"
ඇමති කෑම ටිකක් කෑමේ පෙරේත කමක් මටත්ඇතිවිය. මම සීරුවට කබඩ් එක ඇරියේ සුවිශේෂී ඕස්ට්‍රේලියන් ඇපල්,ඇමරිකන් මිදී,වාගේ බොහෝදේ සිතෙහි රදවාගෙනය.සමහරවිට සිය සගයාගේ සුවදුක් බැලීමට පැමිණි ඇමති සගයන් සිය නම සහිත ස්ටිකර් ගැසූ කෙසෙල් ,බනිස් වගේ දේවලුත් නැතැයි මට සිතේ.
මොනවා මගේ සිහිනය බොඳ විය. එහි ඉදිරියෙන්ම ඇත්තේ මැන්ගුස් ගෙඩි කිහිපයකි.ඒ අතර රබුටන්,ලංකා දොඩම්,ගඩු ගුඩා සහ ඇබුල් පෙර වැනි ලාංකීය පලතුරු වර්ග රැසකි.අනිවාර්යයෙන්ම මෙතුමා සියරට දේ සිරි සැපදේ කියන ජාතියේ කෙනෙක් වෙන්න ඇති මට සිතුනි.කෝකටත් මම හොද රබුටන් පොකුරක් ගෙන ඇමැතිතුමාටත් ගෙඩි කිහිපයක් දෙන ගමන් වාඩි වුනෙමි.
"ඇත්තටම ඇමති තුමා මොකක්ද මේ වුනේ."
"මේකනේ මචෝ මම පහුගිය දවසක කැම්පස් කොල්ලෝ ටිකක් හම්බවෙන්න ගියානේ.එදා ටිකක් වැඩේ අල වුනානේ මචං "
"ඒ කියන්නේ"
"අඩෝ කට වහගෙන හිටපන්කෝ මම කියන එක අහගෙන,ඊට පස්සේ මට පොරවල් එක එක ටෝක් දුන්නානේ බාලාංශෙන් පටන්ගන්නය කියලා.ඉතින් මචෝ මම බාලාංශෙන් පටන් ගන්න හිතාගෙන මමත් මේ සීන් එකට එන්ටර් වුනා කියහන්කෝ.මෙන්න යකෝ අපේ වුන් ඔක්කොම මට ඒගේන්ස් වෙලා ගේම ඉල්ලුවේ නැතැයි.මොනවා කරන්නද මල්ලි මම ඒ පාර මම අර ජාති මාමක පොඩිවංශ වගේ පටන් ගත්තාඋපවාසයක් .හැබැයි මලෝ මම උන් වගේ බිස්කට්,වතුර ඕවා හංගාගෙන නෙවෙයි සුපිරි ගේමක් දුන්නේ මචෝ.මම හිතුවේ චින්තන ලොක්කා වගේ අපේ ලොක්කත් ඇවිල්ලා තැබිලි වතුර නැත්නම් පොල් වතුර ටිකක්වත් දීලා මාව ගොඩ ගනියි කියලා.ඒ අතින් මල්ලි චින්තන ලොක්කා ග්‍රේඩ් පොර.අපේ ලොක්කා මේ අතරේ හොයන්නේ මගේ සංවිධායකකම දෙන්නේ කාටද කියලා..ඉතින් කොල්ලෝ මට මතක් වුනා අපේ හිටපු දුටුගැමුණු ආචාරියා.එත් උඹ දන්නවනේ මම ඔය අනුන් කරන ඒවා කරන්න අකමැති වග.එක නිසා මම දුටුගැමුණු ආචාරියා වගේ නෙවෙයි මම මාවම ගැට ගහගෙන පැන්නා.තව පොඩ්ඩෙන් මම මැරෙනවා යකෝ."
"එතොකොට ඇමතිතුමා එක ඇත්තටම කරපු දෙයක් නෙවෙයිද.''
"උඹට පිස්සුද මල්ලි මම හිතුවේ අර මෝඩ හැත්ත මාව අල්ලගනියි කියලා.කොහෙද උන් අප්පුඩි ගගහා බලාගෙන ඉන්නවා.ඕක තමයි මලේ සිද්ධිය."
"එතකොට ඔබ තුමාට හාර්ට් ඇටාක් එක හැදුනේ ඇයි දුකටද?"
''පිස්සුද සනා ඒකට මොන දුකක්ද ,මට දුක උඹලගේ වරිගේ එවුන් ගේ ජරා වැඩ නිසා."
"ඒ කිවුවේ"
"ඒ කිවුවේ බලපන් බන් උඹලගේ උන් මාව දුටුගැමුණු ආචාරියාට සමාන කරලා කාටූන් අඳිනවා.එක එක කතා හදනවා.ඕවා දැක්කම බඩ පපුව දාලා යනවා මලයා. මොකද මම අර ආචාරියා වගේ වෙන කෙනෙක් බැන්දේ නැහැනේ.උපවාසේත් පොඩිවංශයා වගේ හොරට කෑවේ නැහැනේ.මම ගෙනිච්චේ වෙනම තියරියක්නේ මචන් .එහෙවු එකේ මාව දුටුගැමුණු ආචාරියාට සමාන කරලා මාව පීචන් කරාම හාර්ට් ඇටාක් නොහැදී තියේද මචං.උඹම කියපන්කො බලන්න."
ඇත්තම නේන්නං.දැන් නම් මගෙත් පපු ප්‍රදේශය හරහා සියුම් වේදනාවක් මතුවන බවක් දැනුනෙන් මා ඉක්මනින් ම එතනින් නික්ම ආවේ පුද්ගලික රෝහල් වලට ඇතුල්වීමට හැකියාවක් මාහට නොමැති බැවිනි.

Friday, July 1, 2016

පොඩ්ඩා ගේ වැට් පාඩම.

මේ දිනවල අපේ ගෙදර හැමෝගෙම ප්‍රශ්නය වී තිබෙන්නේ VAT ය.ආර්ථික විද්‍යාව කරන මටද මේ නිසා ගෙදර පිළිගැනීම මම මහබැංකු සභාපතිතුමාගේ උපදේශකයකු ගණනටය.ඒ හැමෝම VAT කියන්නේ මොකක්ද කියමින් මගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙති.මේ ගැන මුකුත් නොදන්නමුත් මම මට ලැබුන පිළිගැනීම නැතිකර ගන්නට සුදානම් නැත.මෙලෝ රසක් නැති වුනත් මම සල්ලි ඇමති හිරු යහපත්නායක තුමාගේ දේශනවලින් ටිකක් රුප පෙට්ටිය හරහා ඇහිඳ ගත් මා VAT කියන්නේ වටිනාකමේ අගය මත බදු අයකිරීමයි යනුවෙන් ගාම්බීර ලෙස පැවසීය.ගෙදර හැමදෙනාම හොල්මන්ය.තාත්තා පමණක් ඔලුව වැනුවාය.අනික් අය හැමෝම දේශපාලන නායකයන් කියන දේ අහගෙන ඉන්නා ජන්ද දායකයෝ වගේමය.කිසිදු විචාරයකින් තොරවම මගේ ප්‍රකාශය පිලිගත්බව දක්නට ලැබුණි.
ඊට පසු දින සේවය නිමවී නිවසට ආ තාත්තාට අම්මාගෙන් වාග්ප්‍රහාරයකි."ඔයා දෙන සල්ලි ටිකෙන් නම් කෑම කන්න නම් වෙන්නේ නෑ ලෙවකන්න තමයි වෙන්නේ".
"මොකක්ද අනේ ඔයාට මේ එකපාරටම මනි මේනියා රෝගය වත් හැදිලද?"
"මනි මේනියා? ...මනි මේනියා නෙමෙයි මේක වැට් මේනියා කඩේට ගියහම හැමබඩු වකම මිල ඉහල ගිහිල්ලා.මුදලාලිය කියන්නේ වැට් නෝනා වැට් කියලා.මම මුදලාලියටත් කිව්වා වැට් නෙවෙයි ඔහොම ගියොත් වැටෙයි හොදට අල්ලගන්න කියලා."
නිහඩවම කාමරයට ඇදුනු තාත්තා නැවත එලියට ආවේ රාත්‍රී ආහාරයටයි.
පසුදා සේවය නිමවී නිවසට එන තාත්තා කවදාවත් නැති තරමට ගෙදර ආවේ දුර සිටම ''පොඩ්ඩෝ මෙහෙවරෙන්'' කියාගෙනය.මගේ හදවත කීන් ගෑවේ පෙරේදා හවස class යන බව කියගොස් වල බැහැපු බවවත් දැනගෙනවත් කියාය.මම බයෙන් බයෙන් එලියට ආවෙමි.
"මොනවාද පොඩ්ඩෝ උඹ ඔය ඉස්කෝලවල ගිහින් ඉගෙන ගන්නේ."
"ඇයි තාත්තේ මොකක්ද ප්‍රශ්නේ ?'
"මොකක්ද උඹ එදා කිව්වේ VAT කියන්නේ වටිනාකමේ අගය මත බදු අයකිරීම කියලා නේද?"
"ඔව් තාත්තේ එක එහෙම තමයි"
"එහෙනම් කොහොමද බන් මම මේ හදිසියට පොදුවැසිකිලියට ගියාම එකේ හිටපු එකා VAT කියලා අමතර ගණනක් කඩා ගත්තේ.පොදුවැසිකිලියට පිට කරන ඒවායේ කොහෙදබන් වටිනාකමක්."
මගේ ආර්ථික විද්‍යාව එක තැනම ලොප් වුනාසේ දැනුනි.මමද හීන් සීරුවේම ගෙදර වැසිකිලිය වෙත ඇදුනෙමි.

පොඩ්ඩාගේ සිහිනය

දුරකතනය නොකඩවා නාදවෙයි .නාදුනන අංකයක් නිසාවෙන් දෙගිඩියාවෙන් යුතුව දුරකථනය අතට ගතිමි..
"හලෝ"
''haloo''
"හලෝ....ඔය පොඩ්ඩාද ?"
"ඔව් ඔය කවුද ?"
"මම එකමුතු ජාතික පෙරමුණේ නිල්-රා විකුම්සිහ නායක තුමා". 
මොනවා කවුරුහරි මාව අන්දන්නවත්ද හිතට නැගෙන්නේ දෙගිඩියාවකි. 
"ඕඕ ඔව් සර් මම පොඩ්ඩා" මම ගොත ගැහි ගැහි පැවසුවෙමි.
"මම තමුන්ව මගේ උපදේශක තනතුරකට පත්කරන්න තීරණය කලා" 
මොනවා මේ ඇන්දිල්ලක්ම තමයි.
"හා ඇත්තද?"මම නොක්කලයට මෙන් ඇසුවෙමි. 
"අයිසේ මට මෙතන ඉන්න වුන් විශ්වාශ නැ.එකයි මමම කතාකලේ.තමුන් දැන්මම මාව හම්බවෙන්න එනවා".
දැන්නම් මට හීන්දාඩිය දාන්නට පටන්ගත් බවක් දැනේ. මේ නම් නිල්-රා නායක තුමාබව හොදහැටි පැහැදිලිය."සර් මම කොහාටද එන්නේ" මම තනනමින් ඇසීමි.
"අයිසේ මගේ පන්සල් ට්‍රී එකට එනවා".
මම ෆොන් එක තිබ්බ නෙවේය තියවුනාය.
මම දඩි-බිඩි මුහුණ කට සෝදාගෙන සුදානම් වුනේ බිරින්දෑ ගේ අවසරයද
නොමැතිවය.සුදානම් වී ඇයට පැවසුවේ පොඩි හදිසියකට ගොහින් එන්නම් කියාගෙනම ගේට්ටුව ඇරගෙනම පාරට බහිද්දීම ත්‍රී රෝද රථයක් දැක ඇත පැවෙමි. වෙනදා වගේ නොවේය ත්‍රී රෝද රථය නැවත්වුවේ මීටර් 25ක් විතර එහාට ගොහින්ය.මම තදියමේ තරමට දිවගොස් ප්‍රයිවට් බසයක එල්ලෙන ආකරයෙන්ම ත්‍රී රෝද රථයට ගොඩ වුනෙමි.රියදුරා ගේ මුහුණ රකුසෙකුගේ සේය.
"මේවායේ යනවය කියලා ඔය විදියට කඩාබිඳ ගෙන වාහනයකට නගින සිරිතක් තියෙනවද.මේවා සෙල්ලම්බඩු කියලා හිතුවද.මේකත් දැන් මිලියනයක් වෙනවා."
මම හිස නවා ඔහුට අවනත වීමි.මට දැනුයි තේරෙන්නේ මොහුන්ටත් මොහුන්ගේ වාහනවලටත් දැන් අපමණ අගයක් හිමිවී ඇත.මට මතක් වන්නේ වාහන මිල ඉහල ගිය දිනයට පසුදා බිරින්දෑ කී කතාවකි.
"බලන්නකෝ අනේ අර අල්ලපු ගෙදර ත්‍රී වීල් සමරේගේ ගෑනි මම දැක්කහම අහක බලා ගත්තනේ". 
එදා සිට ත්‍රී වීල් සමරයා ද වෙනස්බව මතක් වන්නේ දැන්ය.වෙනදා පාන්දරට මා දුටුවිට හතරට පහට නැවී "Good Morning" කියන ඔහු දැන් කියන්නේ හායි මිස්ටර් පොඩ්ඩා කියාය.
ඇත්තටම මෙපමණ වෙනසක් කල නායකයාගේ සුළඟ පවා මාහට සුව සලසනු නොඅනුමානය.මට ඇත්තේ මහත් අභිමානයකි.
"හරි සර් බහින්න" මම සිතුවිලි ලොවින් මිදුනේ රියදුරුගේ කට හඩිනි.
"කීයද ගනන" 
"පිස්සුද සර් මේ වගේ සැබෑ වෙනසක්,අපමණ අගයක් දීපු නායකගේ ගෙදරට ඇවිල්ලා සල්ලි ගන්න පුලුවන්ද".රියදුරා දැන් පුස් පැටියෙක් මෙන් හීලාවෙලය.
දැන් ඉතින් මෙතන සිකුරිටි ලගේ ගෑස් බලපන්කො හිතාගෙන ත්‍රී රෝද රථයෙන් බිමට බැසීමි 
"well come පොඩ්ඩා well come" නායක තුමා මම පිළිගැනීමට ගේට්ටුව අසලටම පැමිණ සිටී.
"පොඩ්ඩා අයිසේ මුන් එකෙක්වත් විස්වාශ නැහැ එකයි මමම ආවේ" මගේ කරට අතදමා ගනිමින් නිල්-රා නායක තුමා පවසයි.
කළු කෝපි එකක් ද මාහට පිළිගන්වන ගමන් මේකත් බොන ගමන් කතා කරමුකෝ කියමින් එතුමා මා කැදවූ කාරණය පවසන්නට විය.
"පොඩ්ඩා බලනවකො මේ අර ඉන්ගලන්තේ කැමරා මෑන් අස්වෙනවා කියලා දැනුම් දුන්නා කියලා මෙහෙ මිනිස්සු මටත් අස්වෙන්නකියනවනේ" 
"කවුද සර් කියන්නේ" 
"බලනවකො පොඩ්ඩා ඔය අර සමාජ ජාල face book ඔය හැම මගුලේම කතාව ඕකනේ දැන්.ඉතින් මම මොකද කරන්න ඕන".
මට ගණදෙවි නුවණ පහල විය.
"සර් අස්වීමේ ලියුම බාරදෙන්න" 
"අයිසේ ඕක අහන්නද මම තමුන් මගේ උපදේශක කරගන්නේ".
"නෑ සර් සර් දෙන්නකෝ ලියුම ලියුම දුන්නටම අස්වෙන්නේ නැනේ සර්.ජනතා මතයට ඔළුව නවනවා විතරයිනේ සර්".
"එතකොට මට තියෙන මේ බලතල යන වාහන සැප සම්පත්" 
මම සැලසුම විස්තර කරන්නට වීමි 
"මෙහෙමනේ සර් අස්වීමේ ලියුම දෙන්න සුදානම් කියලා අපි මාධ්‍ය සංදර්ශනයක් තියනවා.ඊට පස්සේ මම කරන්නේ කෑම පර්සලයයි රුපියල් 500 දෙනවා කියලා ගම්වලින් බස් පුරවාගෙන සෙනග ගෙනල්ලා පන්සල්ට්‍රී එක වට කරනවා ඔබතුමා අස්වෙන්න නම් එපා.එහෙම වුනොත් අපි ගිනි තියාගන්නවා කියලා."
"අයිසේ මිනිස්සු එහෙම ගිනි තියාගනියිද ""
පිස්සුද සර් එහෙම වෙන්න දෙන්නේ නැහැනේ සර් ජනතා හඬට කන්දීලා තීරණය වෙනස් කරනවනේ."
"පොඩ්ඩා අදහස නම් මරු එහෙම කරාට කමක් නැද්ද".
"කමක් නැද්ද කියලත් අහනවා ගිරිවා පත්තුවේ චින්තන සභාපති කලෙත් ඔය ටිකමනේ "
"ඇත්තම නේන්නම් පොඩ්ඩෝ මම මාධ්‍ය කාරයෝ ටික අල්ලගන්නම් .එත් මේ අර සමාජ ජාල face book වගේ ඒවටික මගේ ගනුදෙනුවක් නැහැනේ".
"සර් සතේකට බයවෙන්න එපා එක අපි අර මළගිය ඇත්තෝ එකේ සුරංග පොඩිසූරියට බාර දෙමු".
"මාරයිනේ .තමුන් මීට ඉස්සරවෙලා මට හම්බවෙලා හිටියනම් මම දැන් ජනාධිපති වෙලත් අවුරුදු 5-10ක් ක් වෙනවා" කියමින් මගේ පස්චාත් බාගයට හීන් සීරුවේ තට්ටුවක් දැම්මාය.
මගේ ඇඟපුරා සියුම් කිතියක් සමග,විදුලි සැරයක් වදින්නාක් මෙන් දැනුනි.ඒ සමගම මම ටිකක් ඇත්වීමට සිතාගෙන එකවරම අයිනට වීමට උත්සහා කලෙමි.
කවුදෝ මාව තල්ලු කරදමනාවත් සමගම මේ මොන කරදරයක්ද දගලන්නේ නැතිව නිදාගන්නවකෝ යැයි ගෝරනාඩු කරනවා ඇසී දෑස් හැර බැලීමි.
මම සිහිනයෙන් මාගේ පෙම්බර බිරිඳ තල්ලුකොට ඇත.ඇය ඇඳෙන් නොවැටී බේරී ඇත්තේ වාසනාවටය.

Monday, June 27, 2016

මදනලගේ දේශපාලන කොමිටම


චින්තන සටහන අනුව නම් ඉස්සරහට හැම අවුරුද්දටම මනාප පොරයක් තියෙනවය කියලා මනාප සංහිද කමිටුවේ සභාපති ලංකාප්‍රිය මහත්තයා නිවේදනයක් නිකුත් කොරලා තියෙනවා දැකපු අපේ පොඩි එකාට නම් මාරම හිනාවක් ගියේ එහෙනම් අපට වැඩිපුර නිවාඩුවක් ලැබේවිය කියලය.ඒත් මේක ඇහුනගමන් කුස්සියේ හිටපු බිරින්දෑ කෑගහගෙන ආවේ මෙයාලගේ දිසාපාමොක් තුමා ඇවිල්ල ආතති මහත්තයා සතියේ දිනවල තියපු මනාප තරගේ සති අන්තයට දාලා අපේ නිවාඩුවටත් තට්ටුවුණා කියලා මනාප සංහිද කමිටුවේ සභාපති ලංකාප්‍රිය මහත්තයට දෝස්මුරයක් දැමුවෝය.මේ අස්පට් පිට රුපපෙට්ටිය දැම්මා විතරය කවුදෝ කෙනෙක් ගිරිය යටින් කෑගසනවාය.අප්පට සිරි මේ අපේ ආදරදාස බබා මහත්තයාය .ඊට එහා පැත්තෙන් දිනනසුරිය මහත්තයා නිකටට අත තියාගෙන බර කල්පනාවකය.බැලුවහම දිනනසුරිය මහත්තයා නිකටට අත තියාගෙන නෑසුනා වගේ හිටියට ආදරදාස බබා මහත්තයා කතා කොරන්නේ දිනනසුරිය මහත්තයට ඔටුන්න අරගෙන දෙන්නය.අනේ ඇත්තට ලැජ්ජා නැති හැටි තමුන්ට බැරිවුණා දෙයක් අනුන්ට අරගෙන දෙනවයය කියලා මේ මනුස්සයත් අමාරුවේ දාන්න දගලන හැටි කියලා කෝට්ටේ හිරු තුමා කෙරුම්සිංහ නායක තුමාගේ කනට කොදුරනාවය.කෙරුමසිංහ නායක තුමා no කතා no සිනා ය. කෙරුමසිංහ නායක තුමාගේ ත් කෝට්ටේ හිරු තුමාගේත් ඇගට පොඩි cool පාරක් දාගෙන හමාපූ මදනල පොඩි කසු කුසුවක් ඇහිලා බොරැල්ලේ කනත්ත පැත්තට සේන්දු වුනාය.මේ අර ගැනියෙක් මිනිහෙක් කොරන්ට යි මිනිහෙක් ගැනියෙක් කොරන්ට යි විතරක් බැරි රෙගුලාසි පොත හදපු ජ.ර .winවර්ධන මහත්තයයි,ආදරදාස ලොකු හමු මහත්තයයි බර කතාවක.''කෝමම වුනත් ආදරදාස මම මේ රෙගුලාසි පොත කොරාව්වේ හැමදාම එකමුතු ජාතික පක්ෂය රජාකරවල තියන්න නොවැ.කොහෙද ඉතින් මුන් මුන් ඇන කොටා ගන්නවා.චින්තන කාරයෝ ටික පෝර ටිකක් හෙම දාලා පස්ස පෙත්තෙනුත් හිනා වෙනවා. ''ආදරදාස ලොකු හමු මහත්තයයත් මේකට මුකුත්ම නොකිය ඔලුව කහා කහා නැගිටලා ගියා.මේවා අහපු මදනල පන්සල් ගහ මන්දිරේ පැත්තෙන් හිමීට හමාගෙන අවා.ඒවා වගේම එකමුතු ජාතික පක්ෂය,කෙරුම්සිංහ නායක තුමාලගේ වගේම තොරතුරු ත් අරගෙන ලගදීම හමුවෙමු.

වියග්‍රා ඇමතිගේ වාහන කථා වස්තුව

විදේශීය සංචාරයකට සහභාගිවූ පොඩ්ඩා කටුනායක සිට එනකොට වත්තල නිවසක් ඉදරිපිට මහා ලොකු කාලගෝට්ටියක් වගෙය.කිලෝමීටරයක් පමණ පෝලිමකි.අනුන්ගේ ඕපාදුප හොයන්නටම උපන් පොඩ්ඩා ද හිමින්සැරේම මෙතනට කිට්ටු කර බැලුවාය.පොඩ්ඩා පෝලිමේ නොසිටම මාධ්‍ය හැදුනුම්පත පෙන්වා ඉස්සරහටම ඇදුනේ කුතුහලය නිවාගන්නටය. ඉස්සරහම තිබුණු බෝඩ් ලෑල්ල කියවූ පොඩ්ඩාට හීන්දාඩිය දමනවා දැනුනි.මේ වියාග්‍රා ඇමතිතුමාගේ නිලනිවාස නොවැ. පෝලිමේ ඉදිරියෙන්ම සිටි කෙනෙකුගෙන් "ලොක්ක මොකද මෙච්චර සෙනග " කියා පොඩ්ඩා ඇසුවාය. "වාහනයක් අනුමත කරගන්න මහත්තයෝ " යයි ඔහුගේ පිළිතුරින් පොඩ්ඩා අන්දුන්කුන්දුන්වී ගියාය.ඒ සමගම කවුදෝ කෙනෙක් උගුර පාදනු ඇසී බලනවිට වියාග්‍රා ඇමතිතුමා නිදිගැට කඩමින් පැමිණ ජනතාව ඉදිරියේ පාතුර්බූතවී ඇත. "ඉක්මනට ඉක්මනට එනවා" ඒ ඇමතිවරයාගේ කටහඩයි."වාහනයක් ගන්න මොකක්ද තියෙන සුදුසුකම කියනවා බලන්න". "මම විදුහල්පති කෙනෙක්" "අදාල නෑ ඊලග" "මම දොස්තර කෙනෙක්" "ඉස්පිරිතාලේ ගිලන් රථයක් තියෙනවනේ අදාල නෑ අදාල නෑ ඊලග " "මම කථිකාචාර්ය වරයෙක්" "ඔයාල වාහන අරගෙන කැම්පස් යන්න ගියාම මේ ශිෂ්‍ය අරගල වලදී වාහන වලට හානිවෙන්න පුළුවන්. අදාල නෑ ඊලග " අලි බඳින දම්වැලක් වැනි රත්‍රන් දම්වැලක් ගෙලේ පටලාගෙන,අතෙත් එසමානම දම්වැලක් ඔතාගත් පුද්ගලයෙක් කඩිමුඩියේම ඉදිරියට එයි.ඇමති ආරක්ෂකයෝද සීරුවෙන්සිට ඔහුට ඇමති හමුවට යෑමට අවසර දුන්නේ කිසිදු පරීක්ෂාවකින් තොරවමය.අනිවාර්යයෙන්ම ලොක්කෙක් වෙන්නනට ඇතැයි පොඩ්ඩාට හැගුණි. ඇමතිතුමාගේ මුවගේ සුරුපි තරුණියක් දුටුවිට නැගෙන ආකාරයේ සිනහවකි. "අපේ මුදලාලිතුමා කාලෙකින් " ඇමතිතුමා සිය ආසනයෙන් නැගිටමින් විමසීය. "ඇමතිතුමා මටත් වාහනයක් ගන්න අවසරපත්‍රයක් ඕන.' "අයිසේ පුරවනවා මේ මහත්මයාගේ ඇප්ලිකේසන් එක " විධානය ඇමතිතුමාගෙනි. මොකක්ද අප්පා මෙයාට තියෙන සුදුසුකම පොඩ්ඩා හොදැහැටි විපරම් කිරීමට ජනේලය අසලටම ඇදුනි. "ඔබතුමාගේ නම" ප්‍රශ්නය ලිපිකරුගෙනි. "වනාතේ පොඩ්ඩා කිව්වම ඕන කෙනෙක් දන්නවා මාතිය" "රැකියාව" "සුදු මත් වතුර නිෂ්පාදනය,බෙදාහැරීම සහ විකිණීම" ''බලනවකො මේවගේ මිනිස්සු තමයි රටට ඕන කරන්නේ.පිටට යන විදේශ විනිමයනම් කොච්චර කියලා ඉතුරුද මේ වගේ ව්‍යාපාරවලින් . වාහන දෙකකටම අනුමැතියට දානවා'' ඇමතිතුමාගෙන් උපදේශයකි. සුරූපී ලලනනාවක් ලැසිගමනින් වතුර වීදුරුවක්ද රැගෙන විත් අතේ තිබු යමක් සමග ඇමතිතුමාට දෙනවාත් සමගම එය කටට දමාගත් එතුමා වතුර වීදුරුව එකහුස්මට ගිලදමමින් පුටුවෙන් නැගිට ලනනාවගේ බඳ වට අතක්ද දමා ගෙන ඉක්මනින්ම සයනාගාරය දෙසට ඇදෙනු දුටු පොඩ්ඩා විපරම් කිරීමේදී දැනගත්තේ එතුමාට උදැසනට නියමිත වියාග්‍රා පෙත්ත ලබාගත්තේ මේ මොහොතේ බවයි. අනේ අම්මපා තමුන්ගේ බෙහෙත් ටිකවත් හරියට වෙලාවට ගන්නේ නැතිව කටයුතු කරන මේවගේ උත්තමයන්ට නොවැ මිනිස්සු ගරහන්නේ පොඩ්ඩාට සිය දෑසින් ගිලිහෙන කඳුළු නවතා ගැනීමට නොහැකි විය.