Tuesday, September 6, 2011

පොඩ්ඩාගේ දේශපාලන කෙවිට

විභාග එහෙම ඉවරවෙලා පොඩි නිදහසක් ලැබුණු නිසා පොඩි විසිල් පාරකුත් දාගෙන දියවන්නාව පැත්තේ පොඩි රවුමක් යන්න හිතාගෙන එලියට බැස්සා.බුදු සංතෝ හැම තැනම හරි කලබල.කොලොම්පුරේ මනාප පොරේ ආපහු පටන් අරන් නොවැ.මේ අතරේ දියවන්නාව ඉස්මත්තේ කවුදෝ පරාන කාරයෙක් ඇනතියන ඉන්නවා දැකල ඒ පැත්තට කිට්ටුකරා.කිරි අප්පට බල්ලෝ පැනපි මේ අපේ ආදරදාස බබා මහත්තයා නොවැ.පොඩ්ඩත් ටිකක් කිට්ටු කරලා ''මොකද මහත්තයෝ මේ සසර එපා වෙලා වගේ කල්පනා කරන්නේ " කියල ඇහුව විතරයි.බල්ටියක් කාරිය ගහලා ඉද්ද ගැහුවා වගේ නැගිට්ටආදරදාස බබා මහත්තයා ''බලනවකො අයිසේ,මේ පාරත් මට කැපිල්ල දාලනේ මගේ කොල්ලෝ ටික කවුරුවත් මේ පාර මනාප පොරේට දල නැහැනේ " කියපි.
''මොනවා අපි මේ බලාගෙන ඉන්නේ ඔබතුමා එකමුතු ජාතික පස්සේ ලීඩර් කම ගන්නකම්'' කියල පොඩ්ඩා කියපු පාර නැග්ගේ නැතෙයි අසුහාරදහටම. මගෙන් කුණුහරුප අහගන්න එපා මම මේ ට්‍රයි එක දුන්නේ මට බැරි නිසා කරු දිනනසුරිය මහත්තයවත් එතෙනට ගෙන්න.කොහෙද ඉතින් අපේ නිල්රා කෙරුම්සිංහ ලීඩර් තුමා ඉන්නකම් ඒවා බොරු.'' කියල කියනකොට සට සට ගලා කම්බුල දිගේ කදුළු බේරෙන්න ගත්තා. මේක බල ඉන්න පුළුවන් සන්ගදියක් නොවෙයිනේ.මොකද පොඩ්ඩත් හරි සංවේදී මනුස්සයනේ.පොඩ්ඩ හිමීන්සැරේ මෙතනින් ලිස්සල කොලොම්පුරේ පැත්තට එන්න කියලා අලුතින් හදපු බිල්ඩින් එකක් ගාව මහා සෙනගක් පොරකන්නේ මොකද කියලා බලන්න එතනට කිට්ටුකරා. මොනවා අපේ ගෙවල් වැඩිදියුණු කිරීම් හා යටි පතුල් පහසුකම් තුමත් මෙතන.''මොකද ඔබතුමා මෙතනට වෙලා කොරන්නේ'' පොඩ්ඩා ඇහුවේ කුතුහලය නැතිකරගන්න.''බලනවා සහෝදරයා මම මේ කැසිකිලිය ජනතා අයිතියට පැවරීම සදහා ආවහම තමයි දැක්කේ මේකත් අර කිරිකිස්තනේ වාසනා සිමෙන්ති වලින් හදපු බව ඉතින් මම වහාම මේ ගොඩනැගිල්ලෙන් ගඩොලක් ගලවල ප්‍රමිතිය පරීක්ෂා කරන්න ජාතියන්තර තැනකට යැවුවා.වාර්තාව ලැබුණු වහාම මේක ජනතා අතියට පවරනවා'' සුපුරුදු වාග් ස්වරයෙන් පිනුම්වංශ තුමා කියාගෙන යද්දී පොඩ්ඩා ඉක්මනින් එතනින් පිටත්වුනේ එතන ප්‍රමිතියත් ඒ තරමටම හරි නැ වගේ සිතුන නිසාය. එහෙනම් මමත් කෙටි විශ්‍රාන්තයක් ගන්නවාය.

Tuesday, July 19, 2011

සුන්දර මිනිසා

පසුගියදා ලැබුණු අපුරු අත්දැකීමත් සමග නැවත ඔබ සමග දොඩමලු වන්නට මගේ හදවතට බලකලා සැබවින්ම ඒ අත්දැකීම ඒ තරම්ම සුන්දර අත්දැකීමක් .ඇසළ පුන්පොහොද ගමේ පන්සලේ බන මඩුව සරසලා තිබුනේ ධර්ම කතිකාවතකටවත්,වන්දනාමාන සම්බන්ද දෙයක්වත් නොවේ .සුන්දර ගම පියසේ සුන්දර බව සබැලෙසම අත්විදපු, ඇලේ දොලේ දුව පැන ඇවිදපු,හිබුටු,දං,බෝවිටියා වල රස විදපු ගමෙන් බිහිවුණු සුවිශේෂ කෙනෙක් පිළිගන්න. පන්සලේ බෝමලුවෙන් නැගෙන මදනල ශරීරය සිපගනිද්දී සුදුවැලි තලාව දිගේ බන මඩුවවෙත පිය මැන්න මේ සුන්දර මිනිසා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහලම පුටුවක් දරන්නෙක්. කොහොම වුනත් ගමට කීර්තිය,ගෞරවය ගෙනාපු මොහු පිළිගන්න එතුමාගේ පාසල් වියේ සම කාලින මිතුරන් වගේම,එතුමාගේ පාසල් වියේ ගුරුවරු ,ගමේ ප්‍රභූවරු එකතු වෙලා හිටියේ සැබවින්ම මේ සුන්දර මිනිසා තුල තිබෙන නිහතමානී,ගුණයහපත්කමට කරන ගෞරවයක් හැටියට කියලයි මට හිතෙන්නේ.
කොහොම වුනත් සභාවේ මුල්පුටු දරපු අයගේ වගේම පාසල් වියේ ගුරුවරු කිහිපදෙනෙකුත් සභාව ඇමතුවේ මෙවනි යුගපුරුෂයෙක් බිහිකරන්නට දායකවෙන්නට ලැබීම ගැන හදවත පුරා දෝරේ ගලන ගාම්බීර ආඩම්බර බවකින් බව පැහැදිලිව දක්නට තිබුන.
අවසාන හෝරාව ආරම්භ වුනේ මේ සුන්දර මිනිසාගේ වචන පෙළ ගැස්මට ලැබුණු ඇරයුමත් සමගයි.ලැබුණු ඇරයුමත් සමග වේදිකාවෙන් බිමට බට මේ සුන්දර පුද්ගලයා වේදිකාව අභියස හිටපු පුද්ගලයකු ඉදිරියේ දනින් වැටී නමස්කාර කොට නැවතත්වේදිකාවට පිවිසියේ බලාගෙන හිටපු බොහෝදෙනෙකුගේ දෙනෙතට විශ්මය එක්කරමින්.ඔහු නමස්කාරකල ඒ පුද්ගලයා එක්තරා වකවානුවක ප්‍රදේශයේ අංක එකේ ගණන් කාරයා ලෙස ප්‍රසිද්දව හිටියේ. අවසානයේ අපේ කතා නායකයාගේ කතාව අවසන්කළේ හරිම අපුරු සිද්දියක් ගැන මේ විදිය සදහනකින් .
''මම අද ඉන්න මෙතනට එන්න පාර කැපුවේ කවුරුත්ම නෙමෙයි මේ මගේ ඉදිරියේ ඉන්න ................මාමා කියලා අර තමාගෙන් වැදුම් ලබපුකෙනාව පෙන්නල සිය අතීත කතාව මෙහෙම කිව්වා.'' මම දවසක් School කට් කරලා ඉන්නකොට උබත් අපි වගේ රස්තියාදු කාරයෙක් වෙන්නදහදන්නේ පලයන් ඉස්කෝලේ කියලා ගහපු කනේපාරට බයේ ඉස්කෝලේ ගිය ගමන තමා මාව මෙතනට ගෙනාවේ'' කියලා කිව්වේ කාගේත් ඇස් වලටකදුළු කැට එක්කරමින් .
මේ ටික මම ලිව්වේ මේ සිදුවීම අපි කාටත් හිතන්න බොහොම දේවල් ඉතිරි කරපු නිසා.ඇත්තටම අපේ මේ ලෝකයේ මේ විදියට බිහිවෙච්චඉන්ජිනේරුවෝ ,දොස්තරලා ඇත්ද? ඒ වගේම ඒවායේ ගෞරව නම්බුනාම සැබෑම කෙනාටම හිමිවෙනවද.........?