Wednesday, November 7, 2018

සමනල කතන්දරේ

පොහොට්ටුව පිපෙනවා දිවන්නාවට පැමිණ හමුවන්න යයි ලැබි තිබුනු අරාධනාපත ගුලිකොට  පාටගිය ඩෙනිම් කලිසමේ සාක්කුවේ ඔබාගත් පොඩ්ඩා එලියට බැස්සේ මේ නා කපන වැස්සේ කොහේ තොලොංචි වෙන්නයි ගෙදර උන්දැ ආඩපාලි තියද්දීමය. වැස්ස කොහොම වෙතත් දියවන්නාවට කිට්ටුවෙන්න හිතන්නවත් බැරිය. ඒත් කාගේ උනත් ආරාධනාවක් බාරගත්තොත් නොගිහින් ඉදීම පොඩ්ඩාගේ සිරිත නොවේ. කොහොම කොහොම හරි කෙසග සිරුරට පින්සිදුවෙන්නට පොඩ්ඩා දියවන්නාවේ පොහොට්ටුව වේදිකාව අසලටම රිංගා ගත්තත් වේදිකාවට නම් නැග ගන්නට හිතන්නවත් බැරිය. පොඩ්ඩට සාක්කුවේ ගුලිවී තිබුන ආරාධනා පත්‍රය සිහිවිය. අරාධනා පත්‍රය අතට ගෙන ලගම හිටි බඩ තඩි පොලොස් නිලධාරියා ගාවට කිට්ටු වී පොහොට්ටු රජා මිහිඳුගේ අරාධනා පත්‍රය පෙන්නුවා පමණය. පොලිස් නිලධාරියා යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මකවිය. ඔහු පොඩ්ඩා වෙදිකවමතට ඔසවා තැබුවද යන්නවත් පොඩ්ඩට හිතාගන්නටවත් වෙලාවක් නැත, මොහොතකින් පොඩ්ඩා වේදිකාව මතය.වේදිකාව මතට ගොස් සිහිය ආවිට පොඩ්ඩාට මතක්වුනේ මේ පහුගිය දවස්වල පොහොට්ටු රජා මිහිඳුට කුණු බැනුම් බැන බැන හිටිය කුජිත මහත්තයා නොව. ඒ අස්සේ කන අප්පුඩියක් ඇසුනෙන් පොඩ්ඩා සිහින් ලෝකයෙන් මිදුනාය. මිහිඳු රජා ජනතාව අමතන්නට පටන් අරගෙනය. එත් එතුමා කියපු දෙයක් නැත. කිවේ "මට කියන්නටනම් දෙයක් නැහැ, අපේ අධිපති මෙත්තසේන උතුමා ඒවටත් එක්ක කතා කරවී " කියලා නැවතීමේ තිත තිවුවාය.අධිපති මෙත්තසේන නැගිට්ටේ විදුලි වෙගයෙන්ය. වේදිකාවේ හිටියේ හරියට ලැම්බෝ ගිනියෙන් ගොහින් රත්තරන් අශ්වයා පිට යන සපුමල් කුමාරයා වගෙය. ඒ තරම් තරුණ පාටය. අධිපති මෙත්තසේන එකපාරටම සමනලුන්ට බැනගෙන යනවාය. පොඩ්ඩාට මුකුත්ම හිත ගන්නට බැරිය. පොඩ්ඩා අසල සිටි එකෙකුගෙන් ඇහුවේ "ඇයි බන් අහිංසක සමනලයට බනින්නේ'කියලය. ' යකෝ ඔය කියන්නේ සම රිසි "කියා කියනවිට පොඩ්ඩා බැලුවේ පොහොට්ටු රජා දිහාවය. පොහොට්ටු රජා හිනහවේවි බොරළු ගොඩයට මොනවද කියනවාය.බොරළු ගොඩයත් බඩ අල්ලාගෙන හිනහ වෙනවය. "ඕයි බොරලුවා ඕක තමයි මම මොකුත් නොකියා හිටියේ මෙය ෆෝම් කරහම ඔක්කොම කියනවා කියලා මම දන්නවනේ. වෙනදා තුන්මුල්ලේ විමලේ,මැරවින් ලා ලව්වා කරගත්තේ ඕකම තමයි අයිසේ. ඉතින් එක නිසානේ කොයි සමනලයත් මට පන දෙන්න වගේ ඉන්නේ ." එසේ කියමින් පොහොට්ටු රජා නැගිට්ටේ ජාතික ගීය වාදනය වන නිසාය. සෙනග දැකපු අධිපති මෙත්තසෙනට ඉහිලුම් නැතව ජාතික ගීය වාදනය වෙන අස්සෙත් ජනතාවට ආචාර කරනවාය. ඒ එතුමාගේ නිරහංකාර කමය. ඒ වුනාට ජනතාවට මෙත්තසේන වැඩිය කිට්ටුවෙනවට අකමැති නිසාදෝ පොහොට්ටු රජා බකට්ටුවක් දමා අතවනන එක නතර කෙරෙව්වය.මෙත්තසේන මහතා වෙද්කාවෙන් බහින්නට පිටුපස්ස හැරෙන්කොටයි පොඩ්ඩා ඉන්න බව දැක්කේ. "අයිසේ පොඩ්ඩා තමුසේ පරක්කු වෙලාද අවේ. කොහොමද මගේ ටෝක් එක." කියමින් පොද්දාට කරට අතදා ගනිද්දී සමනල ලෝකයේ හිටි පොඩ්ඩට හින් දාඩිය දැම්මාය. " පොඩ්ඩා  තමුසේ මමත් එක්ක යමු'' කියාගෙන පොඩ්ඩාගේ අතින් ඇදගෙන වාහනයට ගොඩවුන නිසාම මිසක් පොඩ්ඩාගේ හාට් එක ලබ් ඩබ් ගානවය. ඒ පොඩ්ඩා ඉන්නේ සමනල ලෝකයේය. වහනයට නැග්ග විතරය අධිපති මෙත්ත සේනට දුරකථන අමතුමක්ය. එහා පැත්තෙන්  ලලනාවකගේ ලයාන්විත කටහඩකි. "කොහොමද මගේ කථාව " මෙත්තසේන විමසන්නේ මහත් උද්දාමයෙනි. එහා පැත්තේ ලලනාවිය '' එහෙනම් මේ අපි කරන වැඩෙත් වැරදියි නේද අනේ" කියා විමසනවය. '' එහෙම කොහොමද ඩාලින්ඔයා  විරුද්ධ ලින්ගිකයෙක්නේ". කියද්දී පොඩ්ඩා ගේ ගාවටම ඇවිත්ය. පොඩ්ඩා අධිපති මෙත්තසේන මහතාට කරදර නොකර රියදුරාගේ සහයෙන් ගේ අසලින්ම බැස ගත්තාය. පොඩ්ඩා කෙසේ හෝ කුස්සිය පැත්තෙන් හෝ ගෙදර උන්දැටත් හොරෙන් ගෙට ඇතුල්වී ඇග සොදන්නේවත් නැතිවම හිමින්ම ඇඳට වැටුනාය.

No comments:

Post a Comment